කුසුම්සිරි විජයවර්ධන I
අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙන අ.පො.ස. උසස් පෙළ විභාගය පවත්වන දින වකවානු පිළිබඳව තීරණය ගනු ලබන්නේ පාසල් නැවත විවෘත කිරීමෙන් පසුව බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා (දේශයට) ප්‍රකාශ කළේය.
මෙවර විභාගයට අපේක්ෂකයන් තුන්ලක්ෂ හැටදෙදහසක් පෙනී සිටීමට නියමිත අතර ඔවුන්ට මඟහැරුණු පාඩම් අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන පරිදි විභාගය පවත්වන දිනය තීරණය වන බවද ඒ මහතා කීය.
විභාගය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන පිළිබඳවද විභාගයට දින නියම කළ පසු තීරණය කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය.